විශ්‍රාමික වයස් සීමාව ඉහළ නැංවීමට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම පිණිස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) විශේෂ මහා සභා රැස්වීමක් කොළඹ පිහිටි එහි මූලස්ථානයේදී අද (29) කැඳවා ඇත.මෙම තීරණය කිසිදු පුද්ගලයකුට හෝ තනි විනිසුරුවරයකුට පෞද්ගලිකව බලපාන කාරණයක් නොවන බව සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ රාජීව් අමරසූරිය මහතා පෙන්වා දෙයි. අධිකරණයේ ස්වාධීනත්වය, ව්‍යවස්ථාපිත මූලධර්ම සහ මහජන විශ්වාසය අඛණ්ඩව සුරැකීම සඳහා ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් පුළුල් මහජන සහ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡා මාර්ගයෙන් පමණක් සිදු විය යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩිව අවධාරණය කරයි.

























