ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය, ක්‍රියාත්මක වන විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහන මෙන්ම 2027 මාර්තු මාසයෙන් ඔබ්බට රටේ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව සහ ණය තිරසාරභාවය පිළිබඳව පුළුල් ලෙස අවධානය යොමු කර ඇත.මෙහිදී විපක්ෂ නායකවරයා අවධාරණය කර ඇත්තේ, ආර්ථික ප්‍රතිසංස්කරණවල බර වැඩ කරන ජනතාව සහ අවදානමට ලක්විය හැකි පවුල් මත අසමානුපාතික ලෙස පැටවිය යුතු නැති බවයි. එමෙන්ම ගෘහස්ථ, පුද්ගල සහ ව්‍යාපාරික මට්ටම්වලට එහි බලපෑම කෙසේද යන්න සලකා බැලීම වැදගත් වන බවත්, දරිද්‍රතාව සහ උද්ධමනය පාලනය කිරීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඔහු පෙන්වා දී තිබේ.මේ අතර, IMF වැඩසටහනේ 7 වැනි සමාලෝචනය 2026 ඔක්තෝබර් මාසයටත්, 8 වැනි සමාලෝචනය 2027 මාර්තු මාසයටත් සැලසුම් කර ඇති බව මෙම හමුවේදී අනාවරණය වී ඇත.



























