ශ්‍රීලංකන් ගුවන්සේවයේ නව ප්‍රධාන විධායක නිලධාරී (CEO) තනතුර සඳහා විපුල් මිස්රා මහතා පත් කර තිබේ. ඔහු මීට පෙර එම ආයතනයේ ඉංජිනේරු අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ අයෙකි.2024 වසරේදී ශ්‍රීලංකන් ගුවන්සේවයට සම්බන්ධ වූ විපුල් මිස්රා මහතා, ගුවන් යානා ඉංජිනේරු ක්ෂේත්‍රයේ මෙන්ම ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ පුළුල් අත්දැකීම් ඇති වෘත්තීයවේදියෙකි.ශ්‍රීලංකන් සමාගමට එක්වීමට ප්‍රථම, ඔහු ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ගුවන් සේවා වන ‘Air India’, ‘SpiceJet’, ‘Vistara’ සහ ‘IndiGo’ යන සමාගම්වල විවිධ ඉංජිනේරු සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු හොබවා ඇත.


























