2025 වර්ෂයේ අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත පදනම්ව විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා සඳහා පුරප්පාඩු පිරවීමේ දෙවන අදියර යටතේ සිසුන් තෝරා ගැනීම මේ වන විට අවසන් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කර ඇත. මෙම අදියර යටතේ විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා තෝරාගත් සිසුන් සැප්තැම්බර් 17 වන දිනට පෙර සිය ලියාපදිංචි කිරීම් කටයුතු අවසන් කළ යුතු වේ. තෝරා ගැනීමේ ප්‍රතිඵල, විශ්වවිද්‍යාල ඇතුළත් වීම් සහ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ www.ugc.ac.lk නිල වෙබ් අඩවිය හරහා ලබාගත හැක.


























