උදරයේ ඇති අනවශ්‍ය මේදය ඉවත් කර ඉන් කොටසක් මුහුණේ අලංකාරය වැඩීම සඳහා බද්ධ කිරීමේ අපූරු ශල්‍යකර්මයක් මෙරටදී සාර්ථකව සිදු කර තිබේ. විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා විසින් වෙනත් වෛද්‍යවරුන් පිරිසකගේ අධීක්ෂණය යටතේ පෞද්ගලික රෝහලකදී මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර, එය සියයට සියයක්ම සාර්ථක වී ඇති බව වාර්තා වේ.පැය තුනක පමණ කාලයක් තුළ උදර ප්‍රදේශයෙන් මේදය ලීටර් දෙකකට ආසන්න ප්‍රමාණයක් ඉවත් කිරීමට වෛද්‍යවරයා මෙහිදී කටයුතු කර ඇත. මෙවැනි නවීන ගණයේ ශල්‍යකර්ම සිදු කිරීම සඳහා සැලකිය යුතු මට්ටමේ ඉහළ ප්‍රතිකාර පිරිවැයක් දැරීමට සිදුවන බව ද සඳහන් වේ.මීට පෙර 61 හැවිරිදි කාන්තාවකගේ උදරයෙන් මේදය ලීටර් 13ක් ඉවත් කරමින් ලෝක වාර්තාවක් පිහිටවූ බව වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා මෑතකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනාවරණය කළේය.























