විහාරමහා දේවී උද්‍යානයේ සත්‍යග්‍රහයට එරෙහි අධිකරණ නියෝගය අභියෝගයට ලක් කරමින් ගම්මන්පිලගෙන් රිට් පෙත්සමක්

​පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාරමහා දේවී උද්‍යානය ඉදිරිපිට පවත්වන ලද සත්‍යග්‍රහය වැළැක්වීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර ඇත. අදාළ විරෝධතාවයට එරෙහිව නිකුත් කරන ලද නියෝගය නීති විරෝධී බව පවසමින් එය සම්පූර්ණයෙන්ම ඉවත් කර ගන්නා ලෙස මෙමඟින් ඉල්ලා තිබේ.​මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා සහ කොළඹ මහේස්ත්‍රාත්වරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් නම් කරනු ලැබ ඇත.

What's your reaction?

Related Posts

1 of 1,400

Leave A Reply

Your email address will not be published. Required fields are marked *