වී මිලදී ගැනීමේ නව වැඩපිළිවෙළෙන් ගොවීන් සතුටට පත්ව ඇතැයි අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි

රජය විසින් වී සඳහා සාධාරණ සහතික මිලක් හඳුන්වා දී වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම හේතුවෙන් මෙරට ගොවි ජනතාව මේ වන විට දැඩි තෘප්තියකින් පසුවන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. සමූපකාර සාමාජික ඩිජිටල් ද්වාරය ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.​මෙම මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා පසුගිය වසරට සාපේක්ෂව රුපියල් මිලියන 10,000ක අමතර ප්‍රතිපාදන වෙන් කිරීමට රජය පියවර ගෙන ඇත. ගොවීන් අපහසුතාවයට පත්ව සිටින බවට ඇතැම් පාර්ශ්ව මතු කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, ඒවා සැබෑ ගොවි ජනතාවගේ අදහස් නොවන බව ද වැඩිදුරටත් අවධාරණය කළේය.​රජයේ මෙම ක්‍රියාමාර්ගය නිසා වී මිලදී ගන්නා පෞද්ගලික අංශය පවා මිල ගණන් ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවත්, ඒ අනුව වී කිලෝග්‍රෑමයක මිල රුපියල් 112 දක්වා ඉහළ ගොස් ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙවැනි මැදිහත්වීම් හරහා සිය අස්වැන්න සඳහා ගොවීන්ට සාධාරණ සහ ඉහළ ආර්ථික ප්‍රතිලාභයක් හිමිව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,236

Leave A Reply

Your email address will not be published. Required fields are marked *