වෙසක් උත්සවය වෙනුවෙන් පනවා තිබූ විදුලි සහ ඉන්ධන සීමා ලිහිල් කෙරේ

මෙවර වෙසක් සතිය වෙනුවෙන් සංවිධානය කෙරෙන “බුද්ධ රශ්මි වෙසක් කලාපය” සම්බන්ධ අවසන් සාකච්ඡාව ඊයේ (20) අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී උත්සව සමය තුළ සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් දැනට ක්‍රියාත්මක ඉන්ධන සහ විදුලි පරිභෝජන සීමාවන් ලිහිල් කිරීමට රජය තීරණය කර ඇති බව නිල වශයෙන් නිවේදනය කෙරුණු අතර, කලාපයේ කටයුතු සම්බන්ධීකරණය සඳහා පත්කළ කමිටු නිලධාරීන් සමඟ ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.​පවතින බලශක්ති අර්බුදය සැලකිල්ලට ගනිමින් අවම පිරිවැයක් යටතේ උපරිම ආලෝක පූජාවක් සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් මෙවර වෙසක් උත්සවය අභිමානවත් අයුරින් සැමරීමට කටයුතු සූදානම් කර ඇත. මේ පිළිබඳව අදහස් දැක්වූ කොළඹ ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ සඳහන් කළේ, මෙවර වෙසක් කලාපයේ සියලු ප්‍රදර්ශන කටයුතු රාත්‍රී 7.00 සිට මධ්‍යම රාත්‍රී 12.30 දක්වා මහජනතාව වෙනුවෙන් විවෘතව තැබීමට සැලසුම් කර ඇති බවයි.​ගංගාරාම විහාරාධිපති හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විශේෂ සාකච්ඡාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශය, බලශක්ති අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. මෙම සියලු අංශවල සහයෝගිතාවයෙන් වෙසක් කලාපයේ ආරක්ෂාව සහ සංවිධාන කටයුතු උපරිමයෙන් තහවුරු කිරීමට පියවර ගෙන තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,151

Leave A Reply

Your email address will not be published. Required fields are marked *