වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 61 දෙනෙකුට ජනාධිපති සමාව

උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් සිරකරුවන් 61 දෙනෙකු සඳහා විශේෂ ජනාධිපති සමාව පිරිනමා තිබේ. ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය මඟින් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.​මේ අනුව, ජනාධිපති සමාව හිමිවූ පිරිසෙන් සිරකරුවන් 33 දෙනෙකු අද (30) දිනයේදී දිවයිනේ විවිධ බන්ධනාගාරවලින් නිදහස් කිරීමට නියමිතය. බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා මෙම තොරතුරු නිල වශයෙන් තහවුරු කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,229

Leave A Reply

Your email address will not be published. Required fields are marked *