ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාගේ මරණ පරීක්ෂණයේ සාක්ෂි විභාගය කල් යයි

අභිරහස් අන්දමින් ජීවිතක්ෂයට පත්වූ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය අද (22) පෙරවරුවේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේදී නැවත ආරම්භ විය. එහිදී මෙම සිදුවීමට අදාළව ඉතා වැදගත් පුද්ගලයන් සිව්දෙනෙකුගෙන් දීර්ඝ ලෙස සාක්ෂි සටහන් කරගැනීමට අධිකරණය පියවර ගෙන තිබේ.​අද දින ඉදිරිපත් වූ කරුණු මැනවින් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, මරණයට නිශ්චිත හේතුව අනාවරණය කරගැනීම සඳහා පැවැත්වෙන මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය එළඹෙන මැයි මස 26 වනදා දක්වා කල් තැබීමට නියෝග කළේය.

What's your reaction?

Related Posts

1 of 1,259

Leave A Reply

Your email address will not be published. Required fields are marked *