ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා මියගොස් ඇති බව වාර්තා වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවස තුළ තිබී මෘත දේහය සොයාගත් බවයි. මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විට පොලිසිය විසින් ආරම්භ කර ඇති අතර, සිද්ධිය වූ ස්ථානයේ පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතී.විශේෂත්වයක් වන්නේ, මහත් ආන්දෝලනයකට තුඩුදුන් එයාර් බස් ගනුදෙනුව සම්බන්ධ නඩුවකට අදාළව ඔහු මීට පෙර ඇප මත මුදාහැර සිටි අයෙකු වීමයි. එම නඩුවට අදාළව ඔහුව යළි අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් ඊයේ (07) දිනයේදී නියෝගයක් නිකුත් කර තිබූ පසුබිමක මෙම මරණය සිදුවීම කැපී පෙනෙන සිදුවීමකි. ප්‍රශ්නගත මූල්‍ය ගනුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් ඒ මහතාට එරෙහිව පසුගිය කාලය පුරා විවිධ චෝදනා එල්ල වී තිබුණි.

























