රට තුළ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීමේ අරමුණින් නව පනත් කෙටුම්පතක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත. මීට අදාළව සකස් කරන ලද සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සඳහා පසුගිය මාර්තු 30 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවී තිබූ අතර, දැනට එයට නීතිපතිවරයාගේ නිෂ්කාශනයද ලැබී ඇත.ජාතික සීමා ඉක්මවා යන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතිය ක්‍රියාත්මක කිරීම මෙහි මූලික අරමුණයි. ඊට අමතරව, ජාතික හා අන්තර්ජාතික සහයෝගීතාව ශක්තිමත් කරමින් බරපතල අපරාධ පාලනය කිරීම සහ මෙဲ့ම අපරාධ කණ්ඩායම්වලින් සමාජයට එල්ල වන තර්ජනවලින් පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා මෙමඟින් පුළුල් නෛතික රාමුවක් සපයනු ලැබේ.අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා මෙන්ම මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවකට අනුව අමාත්‍ය මණ්ඩලය මෙම අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත ඉදිරියේදී රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් නියමිතය.



























