ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීම සහ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙල වේගවත් කරනවා – වෛද්‍ය නලින්ද ජයතිස්ස

රජය විසින් දූෂිත පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල විධිමත් ලෙස ඉදිරියට ගෙන යන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. කළුතර බෝඹුවල ප්‍රදේශයේ පැවති කොට්ඨාස සභා පිහිටුවීමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර, වර්තමානයේ රට තුළ නීතිය කිසිදු භේදයකින් තොරව සැමට එක හා සමානව ක්‍රියාත්මක වන බව ද ඒ මහතා අවධාරණය කළේය.​මෙහිදී කළුතර දිස්ත්‍රික්කයේ පවතින සමාජ ගැටලු කෙරෙහි ද අවධානය යොමු කළ අමාත්‍යවරයා, මත්කුඩුවලට ඇබ්බැහි වී සිටින තරුණ ප්‍රජාව මේ වන විට හඳුනාගෙන ඇති බවත්, ඔවුන් වෙනුවෙන් ඉදිරියේදී අවශ්‍ය නිසි පියවර ගන්නා බවත් ප්‍රකාශ කළේය.​එමෙන්ම, රටේ අධිකරණ ක්ෂේත්‍රය වඩාත් කාර්යක්ෂම කිරීම අරමුණු කරගනිමින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් දැක්වීම සිදු කළේය.

What's your reaction?

Related Posts

1 of 1,307

Leave A Reply

Your email address will not be published. Required fields are marked *