ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 84%ක් දෑස් දන් දීම සඳහා කැමැත්ත පළ කර කරයි

ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 84%ක් වැනි අතිවිශාල පිරිසක් මරණින් මතු තම දෑස් දන් දීම සඳහා කැමැත්ත පළ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කරයි. මෙය ලෝකයේ සෙසු රටවල් හා සැසඳීමේදී ඉතා සුවිශේෂී මෙන්ම ඉහළම මට්ටමේ පවතින මානුෂීය ප්‍රවණතාවක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. දේශීය වශයෙන් පවතින මෙම ඉහළ ප්‍රදානශීලීත්වය හේතුවෙන් මෙරට අක්ෂි බැංකු පද්ධතිය ජාත්‍යන්තරයේ පවා දැඩි ඇගයීමකට ලක්ව තිබේ.​පසුගිය වසර 15ක කාලය තුළ ජාතික අක්ෂි බැංකුව වෙත ලැබුණු අක්ෂි කුණිත 17,000ක් අතුරින් 12,000ක්ම දේශීය රෝගීන්ගේ පෙනීම ලබා දීම සඳහා සාර්ථකව බද්ධ කර ඇත. මෙම ශල්‍යකර්මයන් ඉහළ සාර්ථකත්වයකින් යුතුව නිම කර ඇති අතර, මෙරට අවශ්‍යතාව සම්පූර්ණ කර ඉතිරි වූ අක්ෂි කුණිත 5,000ක ප්‍රමාණයක් විදේශීය රටවල ඉල්ලීම් පරිදි ප්‍රදානය කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.​සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව ඇතුළු ආසියානු රටවල් රැසක රෝගීන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අක්ෂි කුණිත සඳහා වර්තමානයේ විශාල ඉල්ලුමක් පවතී. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක වන මෙරට අක්ෂි බැංකුවේ ගුණාත්මකභාවය සහ පිළිගැනීම නිසාම, ලෝකයේ අක්ෂි බද්ධ කිරීමේ ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රමුඛතම සන්ධිස්ථානයක් බවට පත්ව තිබීම විශේෂත්වයකි.

What's your reaction?

Related Posts

1 of 1,136

Leave A Reply

Your email address will not be published. Required fields are marked *