අසර්බයිජානයේ බාකු නුවර පැවැත්වෙන ආසියාවේ අන්තර්ක්රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවට (CICA) සහභාගී වෙමින්, විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් මහතා අසර්බයිජාන් ජනාධිපති ඉල්හාම් අලියෙව් මහතා හමු වී සාකච්ඡා පවත්වා තිබේ. ශ්රී ලංකා දූත පිරිසේ නායකත්වය දරමින් අමාත්යවරයා මෙම සංචාරයට එක්ව සිටියි.මෙම හමුවේදී දෙරට අතර වෙළෙඳ, ආයෝජන, සංචාරක සහ බලශක්ති ක්ෂේත්රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව අවධානය යොමු වී ඇත. විශේෂයෙන්ම තෙල් සහ ගෑස් සැපයුම් ක්ෂේත්රයන්හි නව සබඳතා ගොඩනගා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.ඔක්තෝබර් 14 සහ 15 දෙදින තුළ පැවැත්වෙන මෙම සමුළුවේදී ශ්රී ලංකාවේ ජාතික ප්රකාශය ඉදිරිපත් කිරීමට අමාත්යවරයා නියමිත අතර, සංචාරය අතරතුර කසකස්තානය, උස්බෙකිස්තානය, තජිකිස්තානය ඇතුළු මධ්යම ආසියානු රටවල නියෝජිතයන් සමඟද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇත.



























