ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින ක්‍රිකට් තරගය අදින් ඇරඹේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (22) චෙස්ටර් ලී ස්ට්‍රීට් හි රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.​ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.00 ට ආරම්භ වන මෙම දිවා-රාත්‍රී තරගය සඳහා, විස්සයි20 තරගාවලියේ පූර්ණ පරාජයෙන් පසු කණ්ඩායමේ ගෞරවය රැකගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා පිල පිටියට පිවිසෙයි. සීමිත ඕවර කණ්ඩායමේ නිත්‍ය නායක කුසල් මෙන්ඩිස් යළි කණ්ඩායමට එක්වී සිටින අතර, තවමත් ජාත්‍යන්තර වරම් ලබා නොමැති සචිඳු කොළඹගේ ද සංචිතයට කැඳවා තිබේ.​අවසන් වරට එංගලන්තයේදී ශ්‍රී ලංකාව එක්දින තරගාවලියක් ජයගෙන ඇත්තේ 2014 වසරේදී වන අතර, මෙවර තරගාවලියේ දෙවන තරගය සැප්තැම්බර් 24 වන දින ලීඩ්ස් හිදීත්, තෙවන තරගය සැප්තැම්බර් 27 වන දින ලන්ඩන් නුවරදීත් පැවැත්වීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,359

Leave A Reply

Your email address will not be published. Required fields are marked *