ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වඩාත් විනිවිදභාවයකින් සහ යහපාලන මූලධර්ම මත පදනම්ව මෙහෙයවීම සඳහා නව පනත් කෙටුම්පතක් සකස් කර තිබේ. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති අතර, නීතිපතිවරයාගේ නිෂ්කාශනයද මේ වන විට ලැබී ඇත.මෙම නව පනත හරහා ක්‍රිකට් පාලනය නියාමනය කිරීම, දූෂණ ක්‍රියා වැළැක්වීම සහ ක්‍රීඩාවට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ සුබසාධනය ආරක්ෂා කිරීම අපේක්ෂා කෙරේ. අදාළ පනත් කෙටුම්පත ඉදිරියේදී ගැසට් පත්‍රයේ පළ කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.



























