ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය 2026 හෙන්ලි දර්ශකයේ 94 වැනි ස්ථානයට

ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය 2026 හෙන්ලි පාස්පෝට් දර්ශකයේ 94 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ. මෑත කාලීන වාර්තා සසඳන විට මෙය එරට පාස්පෝට් දර්ශකයේ කැපී පෙනෙන ඉහළ යාමක් වන අතර, මීට පෙර 2024 සහ 2025 වසරවලදී ශ්‍රී ලංකාව පසුවූයේ 94 වැනි ස්ථානයට වඩා පසුපසිනි.​මෙම නවතම ශ්‍රේණිගත කිරීමත් සමඟ ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර හිමියන්ට පූර්ව වීසා අනුමැතියකින් තොරව ලොව පුරා රටවල් 39කට සංචාරය කිරීමට අවස්ථාව උදා වී ඇත. වසර 2021 දී 107 වැනි ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව, කාලයත් සමඟ ක්‍රමිකව තම ගමන් බලපත්‍රයේ බලය වර්ධනය කර ගැනීමට මෙයින් සමත්ව ඇති බව පෙනී යයි.​ගෝලීය වශයෙන් මෙම දර්ශකයේ පෙරමුණ ගැනීමට සිංගප්පූරුව සමත්ව ඇති අතර, ලොව බලවත්ම ගමන් බලපත්‍රය ලෙස එය නම් කර තිබේ. කෙසේ වෙතත්, මෙම දර්ශකයේ අවසාන ස්ථානය හෙවත් පහළම ස්ථානය ඇෆ්ගනිස්ථානයට හිමිව ඇත.

What's your reaction?

Related Posts

1 of 1,248

Leave A Reply

Your email address will not be published. Required fields are marked *