ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය බලකායේ පවතින වෘත්තීය නිලධාරී පුරප්පාඩු සම්පූර්ණ කිරීම වෙනුවෙන් සුදුසුකම්ලත් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගෙන් මේ වන විට අයදුම්පත් කැඳවා තිබේ. මීට අදාළ අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්, වයස් සීමාවන් සහ අයදුම්පත් යොමු කළ යුතු ආකාරය ඇතුළු සියලුම නිල විස්තර යුද හමුදා නිල වෙබ් අඩවිය වන www.army.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය. මාතෘභූමිය වෙනුවෙන් ගෞරවනීය සේවයක නිරත වීමට බලාපොරොත්තු වන, නියමිත සුදුසුකම් සපුරා ඇති උනන්දුවක් දක්වන පාර්ශවයන්ට එම වෙබ් අඩවිය හරහා අවශ්‍ය උපදෙස් ලබාගෙන සිය අයදුම්පත් කඩිනමින් ඉදිරිපත් කළ හැකි බව යුද හමුදා මූලස්ථානය දන්වා සිටියි.

























