ශ්‍රී ලංකා රේගුවෙන් කඩදාසි රහිත ක්‍රමවේදයක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකා රේගුවේ සුවිශේෂී පරිවර්තනයක් ලෙස ඩිජිටල් අත්සන් සහිත කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය හෙට (01) දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීරගේ ප්‍රධානත්වයෙන් රේගු දෙපාර්තමේන්තුවේදී මෙය දියත් කෙරේ.​මෙම නව ක්‍රමය හරහා සියලු ආනයනකරුවන්ට ඩිජිටල් අත්සන් සහිතව ලිපිගොනු යැවීම අනිවාර්ය වන අතර, පැරණි ක්‍රමයේ ප්‍රකාශන භාරගැනීම සම්පූර්ණයෙන්ම නවතා දැමෙනු ඇත. රාජ්‍ය සේවා ඩිජිටල්කරණය කිරීම යටතේ හඳුන්වා දෙන මෙම පද්ධතිය මගින් රේගු සේවාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නංවා වංචා දූෂණ අවම කර ගැනීමට අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,356

Leave A Reply

Your email address will not be published. Required fields are marked *