බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථාන රැසක් සනිටුහන් වූ ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. මෛත්රී බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම, ප්රථම ධර්මදූත හැටනම ධර්ම ප්රචාරය සඳහා පිටත් කර හැරීම සහ තුන්බෑ ජටිලයන් දමනය කිරීම උදෙසා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කිරීම අද වැනි පොහෝ දිනක සිදුවිය.එමෙන්ම බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට මිනිස් ලොවට වැඩමවීමෙන් පසු සිදුකළ දේවාවරෝහණ පූජාව සහ අගසව් සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑම ද ඉල් පොහොය දිනය හා බැඳුණු ප්රධාන ශාසනික සිදුවීම් වේ.පසුවස් පවාරණය සිදුකිරීම මෙන්ම කඨින චීවර පූජාව සිදුකළ හැකි අවසාන පොහොය දිනය වීම නිසා ද අද දිනය බෞද්ධයන්ට ඉතා වැදගත් වේ. මේ නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර ඇත.



























