ජාත්‍යන්තර පොලිස් රතු වරෙන්තු ලබා සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් ශිරාන් බාසික් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් දින 90ක කාලයක් රඳවා ප්‍රශ්න කරමින් සිටී. ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනුණු 48 හැවිරිදි සැකකරු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පසුගියදා ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී.දෙහිවල, කළුබෝවිල පදිංචිකරුවෙකු වන මොහු, වෙලේ සුදාගෙන් පසු මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ දෙවන ප්‍රබලතම ජාවාරම්කරු ලෙස සැලකේ. මහා පරිමාණයෙන් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වා බෙදා හැරීම, නීති විරෝධි වත්කම් ඉපැයීම සහ ගිනි අවි සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා රාශියක් ඔහුට එරෙහිව එල්ල වී ඇත.පසුගිය කාලය තුළ ඩුබායි හි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ මොහු, 2018 වසරේදී නීති විරෝධි ලෙස රටින් පලා ගොස් තිබුණි. මේ වන විට ඔහුගේ සංවිධානාත්මක අපරාධ, ගිනිඅවි ජාවාරම් සහ සෙසු ජාලගත සාමාජිකයන් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.



























