අපරාධමය වළක්වාලීම්, පහරදීම්, තුවාල සිදුකිරීම්, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල කිරීම සහ ශරීරයට හානි සිදුකිරීම් ඇතුළු චෝදනාවලට වරදකරු කරමින් සමගි ජන බලවේගයේ (සජබ) පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට බදුල්ල මහාධිකරණය විසින් අද (28) වසර එකහමාරක සිරදඬුවමක් නියම කරන ලදී. 2019 වසරේදී සිදුවූ මෙම සිදුවීමට අදාළ නඩුව විභාග කිරීමෙන් අනතුරුව මහාධිකරණය විසින් මෙම තීන්දු ප්‍රකාශයට පත් කරන ලදී.

























