සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ ගොඩනැගිලි සංකීර්ණය විවෘත වෙයි

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ අංගසම්පූර්ණ නව වෛද්‍ය පීඨ පරිශ්‍රය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින සිසු අයිතියට පත් කෙරිණි. රත්නපුර නව නගරයේ අක්කර 21ක භූමියක ඉදිවූ මෙම වෛද්‍ය පීඨය, ශ්‍රී ලංකා රජයේ රුපියල් මිලියන 1096ක සහ සෞදි අරාබි රාජ්‍යයේ ඇමෙරිකන් ඩොලර් මිලියන 50ක ඒකාබද්ධ මූල්‍ය දායකත්වයෙන් නිමවා ඇත. 2019 වසරේදී තාවකාලික ස්ථාන කිහිපයකින් සිය අධ්‍යයන කටයුතු ඇරඹූ මෙම පීඨය ස්ථිර මූලස්ථානයක ස්ථාපිත වීම සුවිශේෂී සන්ධිස්ථානයකි.​දැනට වෛද්‍ය සිසුන් 750ක් පමණ අධ්‍යාපනය ලබන මෙම පීඨයට මෙවර වසරේදී අලුතින් සිසුන් 162 දෙනෙකු ඇතුළත් කරගෙන තිබේ. නවීන පහසුකම් රැසකින් සමන්විත මෙම පරිශ්‍රය තුළ සිසුන් 500කට නවාතැන් ගත හැකි නේවාසිකාගාරයක්, 1060ක ධාරිතාවකින් යුත් ශ්‍රවණාගාරයක් මෙන්ම දේශන ශාලා 5ක්, ආපනශාලා සහ කාර්ය මණ්ඩල නිවාස ද ඉදිකර ඇත.​මීට අමතරව, වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණු කටයුතු වෙනුවෙන් රත්නපුර ශික්ෂණ රෝහල ආශ්‍රිතව මහල් නවයකින් යුත් මහාචාර්ය ඒකකයක් ද මේ වන විට ඉදිවෙමින් පවතී. ඇඳන් 418කින් සහ උසස් තාක්ෂණික රසායනාගාරවලින් සමන්විත වන එම ඒකකය මඟින් ඉදිරියේදී මෙහි වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල ශක්තියක් සැපයීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,221

Leave A Reply

Your email address will not be published. Required fields are marked *