සයිබර් අපරාධ මැඩලීමට FBI සහාය තවදුරටත් ශ්‍රී ලංකාවට

දේශසීමා ඉක්මවා යන සයිබර් මූල්‍ය වංචා මැඩපැවැත්වීමේ අරමුණින් මෙරටට පැමිණි අමෙරිකානු FBI සහ අධිකරණ දෙපාර්තමේන්තු නිලධාරීන් සිය සතියක සංචාරය අද (22) අවසන් කළේය. නොවැම්බර් 16 වැනිදා ආරම්භ වූ මෙම වැඩසටහනේදී නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසියේ විශේෂ ඒකක කිහිපයක් සමඟ ඔවුන් සමීපව කටයුතු කර තිබේ.​මෙම සංචාරයේදී ප්‍රධාන වංචා මධ්‍යස්ථාන දෙකක විමර්ශන සමාලෝචනය කිරීම, වැටලීම්වලදී අත්අඩංගුවට ගත් උපකරණ 80කට අධික ප්‍රමාණයක ඩිජිටල් සාක්ෂි විශ්ලේෂණය සහ ඒ පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා දීම සිදු කෙරිණි.​සයිබර් අපරාධකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ ශක්තිමත් නඩු ගොනු කිරීමට මෙමඟින් නීතිමය හා තාක්ෂණික පසුබිම සැකසී ඇත. සංචාරය අවසන් වුවද, ජාත්‍යන්තර අපරාධ ජාලයන් අඩපණ කිරීම සඳහා දෙරටේ බලධාරීන් ඉදිරියටත් ඒකාබද්ධව කටයුතු කරනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,434

Leave A Reply

Your email address will not be published. Required fields are marked *