සා.පෙළ සිසුන් සඳහා මාර්ගගත ක්‍රමයට හැඳුනුම්පත් තොරතුරු සහතික පත්‍රිකාවක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ට, තම ජාතික හැඳුනුම්පත වෙනුවට විභාගය සඳහා ඉදිරිපත් කළ හැකි තොරතුරු සහතික කිරීමේ පත්‍රිකාව මේ වන විට අන්තර්ජාලය හරහා ලබාගත හැක. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සිසුන්ට මෙම පත්‍රිකාව පහසුවෙන් බාගත කර ගැනීමේ අවස්ථාව සලසා දී ඇතැයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජගත් හේරත් මහතා පවසයි.​විභාගයට පෙනී සිටින සිසුන්ට ඇති විය හැකි අපහසුතා මඟහරවා ගැනීම සඳහා මෙම ක්‍රමවේදය හඳුන්වා දී ඇති අතර, අදාළ වෙබ් අඩවියට පිවිසීමෙන් ඉතා කෙටි කාලයකදී මෙම සහතික පත්‍රිකාව ලබා ගැනීමට හැකියාව පවතී. නිසි පරිදි සහතික කරන ලද මෙම ලේඛනය විභාග ශාලාව තුළදී හැඳුනුම්පතට සමාන වලංගුභාවයකින් යුතුව භාවිතා කළ හැකි බව බලධාරීන් වැඩිදුරටත් අවධාරණය කරයි.

What's your reaction?

Related Posts

1 of 1,237

Leave A Reply

Your email address will not be published. Required fields are marked *