සැප්තැම්බර් මාසයේ සමස්ත උද්ධමන අනුපාතය 8.0% ක් ලෙස නොවෙනස්ව පවතී

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට (CCPI) අනුව 2026 සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමන අනුපාතය 8.0% ක් ලෙස අඛණ්ඩව වාර්තා වී තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව, 2026 අගෝස්තු මාසයේදීද සටහන් වූයේ හරියටම මෙම 8.0% ක අගයම වීම විශේෂත්වයකි.​කෙසේ වෙතත්, අගෝස්තු මාසයේ 8.5% ක් ලෙස පැවැති ආහාර උද්ධමනය සැප්තැම්බර් මාසයේදී සුළු ඉහළ යාමක් පෙන්නුම් කරමින් 8.7% දක්වා වර්ධනය වී ඇත.​මේ අතර, අගෝස්තු මාසයේදී 7.7% ක් ලෙස පැවැති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය, සැප්තැම්බර් මාසයේදී කිසිදු වෙනසක් සිදු නොවී පෙර පැවති 7.7% මට්ටමේම ස්ථාවරව පවතියි.

What's your reaction?

Related Posts

1 of 1,356

Leave A Reply

Your email address will not be published. Required fields are marked *