සුගීෂ්වර බණ්ඩාර අගෝස්තු 25 දක්වා යළි රිමාන්ඩ්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, අදාළ නඩුව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනීමෙන් අනතුරුවය.​අද දින පෙරවරුවේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, සැකකාර සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන අගෝස්තු මස 25 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.​මෙම නඩුවට අදාළ ඉදිරි විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක අතර, අධිකරණ නියෝග මත ඔහු තවදුරටත් බන්ධනාගාර භාරයේ පසුවනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,282

Leave A Reply

Your email address will not be published. Required fields are marked *