සුනඛයින් එන්නත් කිරීමේ වැඩසටහනට වෛද්‍ය සංගම් මැදිහත්වීම ගැන පශු වෛද්‍යවරුන්ගෙන් විරෝධය

සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) මැදිහත්වීම සම්බන්ධයෙන් පශු වෛද්‍යවරුන් සිය දැඩි විරෝධය ප්‍රකාශ කර තිබේ. සත්ත්ව ගහණ කළමනාකරණය සහ සත්ත්ව රෝග පාලනය පිළිබඳව විශේෂ පුහුණුවක් ඇත්තේ පශු වෛද්‍යවරුන්ට පමණක් බව මානුෂීය ක්‍රම මගින් සත්ත්ව ගහණ කළමනාකරණය කිරීමේ පශු වෛද්‍ය එකමුතුව පෙන්වා දෙයි.​ජලභීතිකා රෝගය තුරන් කිරීමේදී සත්ත්ව සහ මානව සෞඛ්‍ය යන අංශ දෙකම වැදගත් වුවද, සතුන්ට ප්‍රතිකාර කිරීමේ සහ එන්නත් කිරීමේ වෘත්තීය අයිතිය සහ වගකීම ඇත්තේ පශු වෛද්‍යවරුන්ට බව එම එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය චමිත් නානායක්කාර සඳහන් කරයි.​වෘත්තීය සංවිධාන කටයුතු කරන විට අනෙකුත් වෘත්තීන්හි ගරුත්වය සහ සීමාවන් සුරැකීම අත්‍යවශ්‍ය වන බවත්, මෙම තත්ත්වය සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

What's your reaction?

Related Posts

1 of 1,361

Leave A Reply

Your email address will not be published. Required fields are marked *