දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීමේ විවාදය ලබන ඔක්තෝබර් 08 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු සූදානම් කර තිබේ. අදාළ සතිය තුළ පාර්ලිමේන්තුව ඔක්තෝබර් 06 වැනිදා සිට 09 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය නිවේදනය කර ඇත.ඔක්තෝබර් 08 වැනි දින පෙරවරු 9.30 සිට 10.00 දක්වා ස්ථාවර නියෝග යටතේ කාලය වෙන් කර ඇති අතර, පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.පෙරවරු 11.00 සිට 11.30 දක්වා කාලය තුළ ස්ථාවර නියෝග 27(2) යටතේ විශේෂ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව පනත් කෙටුම්පතේ විවාදය පැවැත්වේ.



























