සුරේෂ් සලේගේ රිට් පෙත්සම ජූලි 27 දක්වා කල් යයි

පසුගිය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා විසින් ගොනු කර ඇති රිට් පෙත්සම යළිත් ලබන 27 වැනි දින කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.​අධිකරණයේදී පෙත්සම සලකා බැලුණු අවස්ථාවේදී, පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කරමින් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා විසින් සිය මූලික නීතිමය දේශන ඉදිරිපත් කිරීම සම්පූර්ණ කරන ලදී.​ඉන් අනතුරුව, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මියට අදාළ කරුණු දැක්වීම සඳහා ලබන 27 වැනි දින කාලය වෙන් කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,246

Leave A Reply

Your email address will not be published. Required fields are marked *