සුරේෂ් සලේගේ වෛද්‍ය වාර්තා නොදීම ගැන කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂට නොතීසියක්

රෝහල්ගත කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේට අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස ලබන 22 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතීසියක් නිකුත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී රජයේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසටර් ජනරාල් දිලීප පීරිස් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත් පසන් අමරසේන මෙම නියෝගය නිකුත් කර ඇත.​මෙම අවස්ථාවේදී අතිරේක සොලිසටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ මීට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ සේවය කළ රංජන් සෙනරත් බණ්ඩාර නම් පොලිස් පරීක්ෂකවරයා ද වත්මන් විමර්ශන සඳහා අවශ්‍යව සිටින බවයි. ඔහු දිවයිනෙන් බැහැරව යාමේ අවදානමක් ඇති බව පෙන්වා දෙමින් විදේශ ගමන් තහනමක් පනවන ලෙස කළ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා, අදාළ පොලිස් නිලධාරියාට විදේශ ගමන් තහනමක්ද පැනවීය.

What's your reaction?

Related Posts

1 of 1,333

Leave A Reply

Your email address will not be published. Required fields are marked *