සුරේෂ් සලේට බන්ධනාගාරයේදී වධහිංසා පමුණුවන බවට ගම්මන්පිලගෙන් චෝදනාවක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතාට බන්ධනාගාරය තුළදී අමානුෂික ලෙස සලකන බවට තමන් කළ ප්‍රකාශය අසත්‍ය නම්, තමන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පොලීසියට අභියෝග කරයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මෙම චෝදනා එල්ල කළේ කොටුව මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළ පිටු 25ක අධිකරණ වෛද්‍ය වාර්තාව සහ සලේ මහතාගේ පවුලේ සාමාජිකයන් සැපයූ තොරතුරු මත පදනම්ව බවයි. සිරකරුවන්ද මනුෂ්‍යයන් බව අවධාරණය කරන ඔහු, මේ වන විටත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය සහ මානව හිමිකම් කොමිසම දැනුවත් කර ඇති බව සඳහන් කළේය.​සලේ මහතාට විශේෂ හිරිහැරයක් සිදු නොවන බවත්, අනෙකුත් සිරකරුවන්ට සලකන සාමාන්‍ය ක්‍රමවේදයටම ඔහුට ද සලකන බවත් පවසමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය මන්ත්‍රීවරයාගේ දැඩි විවේචනයට ලක් විය. පොලීසිය එම ප්‍රකාශය හරහා බන්ධනාගාර තුළ සිරකරුවන්ට සිදුවන අමානුෂික සැලකීම් වක්‍රව පිළිගෙන තිබේදැයි ඔහු ප්‍රශ්න කර සිටී.​මීට අමතරව, මෙරටට පැමිණීමට නියමිත එක්සත් ජාතීන්ගේ වධහිංසා පිළිබඳ විශේෂ නියෝජිතයා වෙත (UN Special Rapporteur on Torture) ඉදිරිපත් කිරීම සඳහා මේ වන විට පූර්ණ වාර්තාවක් සකස් කරමින් පවතින බව ද උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,178

Leave A Reply

Your email address will not be published. Required fields are marked *