සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ (MLT) සහ භෞත චිකිත්සක තනතුරු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම පිණිස අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවා ඇත. අදාළ ගැසට් නිවේදනය 2026 ජුලි 24 දිනැති අංක 2499 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති අතර, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ පුරප්පාඩු 253ක් සහ භෞත චිකිත්සක පුරප්පාඩු 139ක් ලෙස සමස්ත බඳවා ගැනීම් සංඛ්‍යාව 392කි.මෙම පුහුණු පාඨමාලාව මාස 6ක කාලයක් පුරා ක්‍රියාත්මක වන අතර, එම කාලය තුළ දීමනා ලෙස රුපියල් 61,986ක මුදලක් හිමිවේ. සාර්ථකව පුහුණුව අවසන් කර ස්ථිර පත්වීම් ලබා දීමෙන් අනතුරුව, 2027 වර්ෂයේ සිට ආරම්භක මාසික වැටුප ලෙස රුපියල් 71,920ක මුදලක් පත්වීම්ලාභීන්ට ලැබීමට නියමිතව තිබේ.සුදුසුකම් සපුරා ඇති උපාධිධාරීන් තම අයදුම්පත් 2026 අගෝස්තු 07 දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් “අධ්‍යක්ෂ, පාලන (2), සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අංක 106, ඩඩ්ලි සේනානායක මාවත, කොළඹ 08” යන ලිපිනයට යොමු කළ යුතුය. අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමික එච්. ගමගේ මහතා විසින් මෙම බඳවා ගැනීම් පිළිබඳ තොරතුරු තහවුරු කර ඇත.

























