ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු මෙන්ම ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වූ උපාලි ධර්මදාස මහතාගේ අභාවප්‍රාප්ත වූ අතර, ඒ මහතාගේ අවසන් කටයුතු එළඹෙන බදාදා (29) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබේ.අද (26) පස්වරුවේ පිටකෝට්ටේ, අධිකාරම් මාවතේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික නිවස වෙත දේහය රැගෙන ඒමට නියමිත අතර, අවසන් ගෞරව දැක්වීම සඳහා ලබන බදාදා දක්වා දේහය එහි තැන්පත් කර තැබෙනු ඇත.























