හිටපු ජනාධිපති ගෝඨාභයගේ පෙත්සම ජූලි 06 වැනිදාට යළි කැඳවයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකළ පෙත්සම දෙවන දිනටත් අභියාචනාධිකරණය හමුවේ සලකා බලා තිබේ. මෙම පෙත්සම අද (24) දින විභාගයට ගන්නා ලද්දේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේය.​මෙහිදී පෙත්සම්කාර හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායකයා සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය සහ කරුණු දීර්ඝ වශයෙන් පැහැදිලි කළේය.​දෙපාර්ශ්වයේම කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරු මඩුල්ල, මෙම පෙත්සමට අදාළ වැඩිදුර සලකා බැලීම් සහ කරුණු ඉදිරිපත් කිරීම් ලබන ජූලි මස 06 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළේය.

What's your reaction?

Related Posts

1 of 1,203

Leave A Reply

Your email address will not be published. Required fields are marked *