රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළ විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයෙන් දැනුම් දී තිබූ පසුබිමක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය. හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ නම ද ඈඳී ඇති මෙම සිද්ධියට අදාළ අධිකරණමය කටයුතු සඳහා ඒ මහතා මෙලෙස පැමිණ සිටි බව වාර්තා වේ.























