රජයේ ආයතන දෙකකින් වැටුප් ලබා ගනිමින් මූල්‍ය වංචාවක් සිදුකළ බවට චෝදනා ලැබූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබේ. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අද (18) පෙරවරුවේ ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.එම නඩුව කැඳවූ අවස්ථාවේදී කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ, සැකකරු ලබන ජූලි මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව වාර්තා වේ.



























