හෙට (01) දින උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයට ද බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නවතම උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ඒ අනුව, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම් දර්ශක අගය ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට දිනට පමණක් වලංගු වන අතර, මෙම ඉහළ උෂ්ණත්ව තත්ත්වයන් හමුවේ මහජනතාවට දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙස බලධාරීහු වැඩිදුරටත් දන්වා සිටිති.

























