ඩෙංගු අවදානම හේතුවෙන් සති දෙකක කාලයක් වසා දමා තිබූ කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය හෙට (13) සිට නැවත විවෘත කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇත. සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරනු වස්, “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව විශ්වවිද්‍යාල පරිශ්‍රය සම්පූර්ණයෙන්ම පිරිසිදු කර ධූමායනය කිරීමට ද අද දිනයේ කටයුතු යොදා තිබුණි.මේ වනවිට දිවයින පුරා ඩෙංගු රෝගීන් 67,000 ඉක්මවා වාර්තා වී ඇති අතර, ඉන් පුද්ගල මරණ 47ක් සිදුකිරීම දක්වා රෝගී තත්ත්වය උත්සන්න වී තිබේ. පවතින මෙම බරපතළ වසංගත තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි අඛණ්ඩ ඩෙංගු මර්දන වැඩසටහන් සහ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.මේ අතර, මදුරුවන් බෝවන ලෙස පරිශ්‍රයන් පවත්වාගෙන යන පිරිස්වලට එරෙහිව නීතිමය පියවර තදින්ම ක්‍රියාත්මක කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අවධාරණය කරයි. ඒ අනුව, මදුරු කීටයන් බෝවන ස්ථාන හමුවූ බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයකට එරෙහිව ද නඩු පැවරීමට බලධාරීන් මේ වනවිට පියවර ගෙන ඇත.























