හෙද විදුහල් සඳහා නවක සිසුන් බඳවාගැනීමට අදාළ නිල ගැසට් නිවේදනය අද (29) රාත්‍රියේ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ විද්‍යාවේදී හෙද (B.Sc. Nursing) උපාධිධාරීන් පිරිසක් වෙනුවෙන් පැවැති පත්වීම් ප්‍රදානය කිරීමේ නිල උත්සවයකට ප්‍රධාන අමුත්තා වශයෙන් එක්වෙමිනි.මෙහිදී හෙද අනුස්ථාපන සහ සමායෝජන පුහුණුව (Nursing Orientation and Coordination Training) සාර්ථකව අවසන් කළ උපාධිධාරීන් 515 දෙනෙකු සඳහා නව පත්වීම් පිරිනැමීම සිදු කෙරුණු අතර, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ගැසට් නිවේදනය නිකුත් කරන වේලාව පිළිබඳව මෙම නිල දැනුම්දීම සිදු කළේය.



























