හෙරොයින් කිලෝග්‍රෑම් දෙකකට අධික තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කරන ලද විශේෂ වැටලීමකදී, ග්‍රෑන්ඩ්පාස් ලක්සඳ සෙවණ සාලමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 02ක ප්‍රමාණයක් සමඟ 24 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුම ඊයේ (07) රාත්‍රී කාලයේදී ක්‍රියාත්මක කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු ද එම ප්‍රදේශයේම ස්ථිර පදිංචිකරුවෙකි.​අත්අඩංගුවට පත් වූ තරුණයා සහ අත්පත් කරගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් තවදුරටත් සිදු කරමින් පවතී.

What's your reaction?

Related Posts

1 of 1,321

Leave A Reply

Your email address will not be published. Required fields are marked *