උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා සඳහා ඉරානය විසින් නව රෙගුලාසි මාලාවක් හඳුන්වා දී තිබේ. ඒ සඳහාම පිහිටුවන ලද ‘පර්සියානු ගල්ෆ් සමුද්‍ර සන්ධි අධිකාරිය’ මගින් මෙම පියවර ගෙන ඇති අතර, එම කලාපයේ ගමනාගමනය අධීක්ෂණය කිරීමේ පූර්ණ වගකීම දැන් එම අධිකාරිය වෙත පැවරී ඇත.නව නීතිරීතිවලට අනුව, එම සමුද්‍රීය මාර්ගය භාවිතා කරන සියලුම නෞකා අදාළ අධිකාරිය යටතේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ. මීට අමතරව, හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට පැය 48කට පෙර ඒ පිළිබඳව අනිවාර්ය දැනුම් දීමක් සිදු කළ යුතු බවද එම අධිකාරිය පවසයි.ඉරාන බලධාරීන් පවසන්නේ මෙම පියවර හරහා නෞකා ගමනාගමනයට බාධාවක් නොවන බවත්, එය සාමාන්‍ය පරිදි සිදුවන බවත්ය. කෙසේ වෙතත්, මෙම නව නීති පැනවීමත් සමඟ කලාපයේ පවතින ආරක්ෂක සහ රාජ්‍ය තාන්ත්‍රික වාතාවරණය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය දැඩි ලෙස යොමු වී තිබේ.



























