ශ්‍රී ලංකා ගුරු සේවයේ නිරත නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2026 සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. වෘත්තීය උසස්වීම් සඳහා අත්‍යවශ්‍ය වන මෙම විභාගයට අදාළ නිල ගැසට් නිවේදනය මේ වන විටත් නිකුත් කර ඇති අතර, ගුරු සේවයේ උසස්වීම් ක්‍රියාවලිය සඳහා විභාග තුනකට මුහුණ දීම අනිවාර්ය වේ.මෙම පළමු විභාගය 3 පන්තියේ සහ 2 පන්තියේ II ශ්‍රේණියේ සේවයේ නියුතු ගුරුවරුන් සඳහා බලපැවැත්වෙන අතර, ඒ සඳහා නියමිත අධ්‍යයන මොඩියුල 4ක් සම්පූර්ණ කිරීම අනිවාර්ය වේ. දෙවන සහ තෙවන විභාග සඳහා වන මොඩියුල සහ අනෙකුත් විස්තර ඉදිරි කාලයේදී නිල වශයෙන් දැනුම් දීමට නියමිත බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.අදාළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම 2026 ජූනි 22 දින සිට ජූලි 17 දින දක්වා මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදු කෙරේ. ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය භාවිතා කළ හැකි අතර, විභාගයට අවශ්‍ය අධ්‍යයන ද්‍රව්‍ය ‘e-Thaksalawa’ වෙබ් අඩවිය හරහා ලබාගෙන ස්වයං අධ්‍යයනයේ නිරත වන ලෙස ගුරුවරුන්ට උපදෙස් ලබා දී ඇත.



























