ඇමෙරිකාව සහ ඉරානය අතර හමුදාමය ගැටුම් උත්සන්න වීමත් සමඟ ලෝක තෙල් ප්‍රවාහනයේ ප්‍රධානතම මාර්ගයක් වන හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නෞකා ගමනාගමනය සීඝ්‍රයෙන් පහත වැටී තිබේ. දෙරට අතර පැවති අවබෝධතා ගිවිසුමෙන් පසුව වාර්තා වූ අවම නෞකා සංඛ්‍යාව සටහන් කරමින් ඊයේ දිනය තුළ එම සන්ධිය හරහා ගමන් කර ඇත්තේ භාණ්ඩ ප්‍රවාහන නෞකා 14ක් පමණි.ලෝකයේ සමස්ත තෙල් සැපයුමෙන් සියයට 20ක ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන්නේ මෙම තීරණාත්මක මුහුදු මාර්ගය ඔස්සේ බැවින්, පවතින ආරක්ෂක බාධා හමුවේ ගෝලීය ඉන්ධන සැපයුම් දාමයට දැඩි බලපෑම් එල්ල වී ඇත. මෙම තත්ත්වය ඉදිරියේදී ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමට සෘජුවම බලපානු ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.























