ෆර්සීස් උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ දිස්වේ

මෙම වසරේ අභ්‍යවකාශයේ සිදුවන ප්‍රධානතම සහ අලංකාරවත්ම උල්කාපාත වර්ෂාවක් අද (12) රාත්‍රියේ සිට හෙට (13) අලුයම දක්වා කාලය තුළ ශ්‍රී ලාංකිකයන්ටද නිරීක්ෂණය කළ හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥයෝ පවසති.​’ෆර්සීස්’ ලෙස නම් කර ඇති මෙම උල්කාපාත වර්ෂාව නැරඹීම සඳහා විශේෂ උපකරණ අවශ්‍ය නොවන අතර, හෙට අලුයම 4.00ට පමණ උතුරු දෙස අහස දෙස බැලීමෙන් මෙය ඉතා පැහැදිලිව දර්ශනය වනු ඇත.​වසර පුරාම අහසේ සිදුවන ආකාශ විස්මයන් අතරින් සුවිශේෂී තැනක් ගන්නා මෙම සංසිද්ධිය නැරඹීමට තාරකා විද්‍යා ලෝලීන්ට කදිම අවස්ථාවක් ලැබී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,282

Leave A Reply

Your email address will not be published. Required fields are marked *