අග්නිදිග විශ්වවිද්‍යාලයේ පවතින ගැටලු විසඳා ගැනීම සඳහා අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා අතර පැවැත්වූ සාකච්ඡා ඉතා සාර්ථක වී තිබේ.විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සමඟ මීට පෙර පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන්, මෙම ගැටලු විසඳා ගැනීම සඳහා ඔවුන්ට නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවීමට සිදුව ඇතැයි එම බල මණ්ඩලය පවසයි.විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය මුහුණ දී සිටින අභියෝග සහ ගැටලු සඳහා ඉදිරි අයවැය ලේඛනය හරහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට නියෝජ්‍ය අමාත්‍යවරයා එකඟ වූ බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු අධීෂ ගමගේ මහතා සඳහන් කළේය.



























