කටාර් රාජ්‍යයේ හිටපු අමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා කටාර් බලා ගොස් සිටි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (16) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් යළි දිවයිනට පැමිණියාය.සිය නිල සංචාරයේදී අග්‍රාමාත්‍යතුමිය දෝහා නුවර ලුසයිල් මාලිගයට ගොස් වත්මන් අමීර්වරයා වන අමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල්-තානි මහතා හමුවී ශ්‍රී ලංකාවේ ශෝකය පළ කළාය. අනතුරුව අල් වජ්බා මාලිගය වෙත ගිය ඇය, අභාවප්‍රාප්ත හිටපු අමීර්වරයාගේ පවුලේ සාමාජිකයින් මුණගැසී සිය ශෝකය ප්‍රකාශ කිරීමට කටයුතු කළාය.මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් කටාර් පදනමේ සභාපතිනිය වන ෂෙයිකා මෝසා බින්ට් නසාර් මහත්මිය, රාජකීය පවුලේ සාමාජිකාවන් සහ කටාර් සමාජ සංවර්ධන හා පවුල් කටයුතු පිළිබඳ අමාත්‍ය බුතයිනා බින්ට් අලි අල් ජබර් අල් නුඅයිමි මහත්මිය ඇතුළු පිරිස වෙත ශ්‍රී ලංකාවේ බලවත් ශෝකය පිරිනමනු ලැබීය.



























