අද දින දහවල් 1.00 න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම සබරගමුව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් මි.මී. 50 ඉක්මවූ තද වැසි ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවීම වැදගත් වේ.ප්‍රදේශ කිහිපයක උදෑසන කාලයේදී ද වැසි සහ මීදුම් සහිත කාලගුණයක් අපේක්ෂා කෙරේ. දකුණු පළාත සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට පෙරවරු කාලයේ වැසි ඇති විය හැකි අතර, මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බැවින්, එමඟින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවට දැනුම් දෙනු ලැබේ. බාහිර කටයුතුවල නිරත වීමේදී කාලගුණික විපර්යාසයන් පිළිබඳ සැලකිලිමත් වීම ආරක්ෂාවට හේතු වනු ඇත.
























