අද සවස් කාලයේ දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ ප්‍රධාන පළාත් කිහිපයකට අද පස්වරු 2.00 න් පසුව වැසි සහිත කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක. මෙහිදී බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.​වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව උදෑසන කාලයේදී ද යම් වැසි තත්ත්වයක් දක්නට ලැබෙන අතර, විශේෂයෙන්ම දකුණු පළාත, කළුතර, කොළඹ සහ පුත්තලම දිස්ත්‍රික්කවල වෙරළබඩ කලාප මේ යටතට ඇතුළත් වේ. මීට අමතරව, මධ්‍යම, සබරගමුව, ඌව සහ අම්පාර වැනි ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බැවින් රියදුරන් ඒ පිළිබඳව අවධානයෙන් පසුවීම වැදගත් වේ.​ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව ඇතිවන තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී. එබැවින් එළිමහන් ස්ථානවල රැඳී සිටීමේදී සහ විදුලි උපකරණ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වීම සුදුසුය.

What's your reaction?

Related Posts

1 of 1,125

Leave A Reply

Your email address will not be published. Required fields are marked *